වැදගත් සිදුවීම්

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය කොළඹදී ආරම්භ වෙයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වැනි මහා සභා රැස්වීම සහ සම්මේලනය අද (2025 මැයි 19) ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සංවිධායකත්වයෙන්, කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, එහි සමාරම්භක දේශනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකෙරිණි.

20 May 2025

ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany නාවික හමුදා මූලස්ථානයේදී අද (2025 මැයි 20) නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

20 May 2025

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය මීටර් 100 ගැඹූර දක්වා කිමිදුම් මෙහෙයුම් පුළුල් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් මෙහෙයුම් හැකියාව පුළුල් කරමින් 2025 මැයි මස 18 වැනි දින ත්‍රිකුණාමලය අලියා දුපත අසල ගැඹුරු මුහුදේ දී, නාවික හමුදා කිමිදුම් කරුවන් නව දෙනෙකුගෙන් (09) යුත් කණ්ඩායමක් මීටර් 100ක් දක්වා කිමිදී නාවික හමුදා කිමිදුම් මෙහෙයුම් පුළුල් කිරීමට සමත් වූ අතර, එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එම සුවිශේෂි ජයග්‍රහණය ඇගයීමට ලක් කෙරිණි.

19 May 2025

සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න නැව් මුළුවක් වෙනුවෙන් නාවික හමුදාව තවත් කඳු තරණ ක්‍රියාකාරකමක නිරතවෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරණු ලබයි, ඒ අනුව, වැඩ බලන අධ්‍යක්‍ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ එම කාර්යය මණ්ඩලයේ නාවික පුද්ගලයින් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 28 සහ 29 යන දෙදින ශ්‍රීපාද අඩවිය ගවේෂණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.

03 Apr 2025

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති නාවික හමුදාධිපති හමුවෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

03 Apr 2025

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.

03 Apr 2025

නාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 01 වැනි දින ත්‍රීකුණාමලය මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

03 Apr 2025

මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා පුරවැසි බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මහනුවර, අලවතුගොඩ මප/කටු/මාවතුපොල මුස්ලිම් විද්‍යාල පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා සිදු කෙරිණි.

02 Apr 2025

10 වැනි වේග ප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය (FAF4) මඟින් පවත් වන ලද 10 වැනි වේගප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය ධජ නිලධාරී නාවික දියත් විධානයගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 29 වැනි දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී සිදු කෙරිණි.

02 Apr 2025

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO (MST-464) සහ ETAJIMA (MSO-306) නෞකාවන් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා නිල සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

01 Apr 2025