වැදගත් සිදුවීම්
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු රොජර් වෝඩ් (Commodore Rodger Ward) ඇතුළු එම බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත ධූත පිරිසක් 2025 මාර්තු මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, ඊට සමගාමීව එම ධූත පිරිස නිල හමුවක් සඳහා අද (2025 මාර්තු මස 24) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
24 Mar 2025
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ නාවික හමුදාව පැවැත්වූ පාඨමාලාවන්ගේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද, නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ කලාපීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශක පාඨමාලාව ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2025 මාර්තු මස 20 වැනි පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
24 Mar 2025
36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලයේදී

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති 36 වැනි කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ සහභාගිත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී, සිදුකෙරිණි.
24 Mar 2025
විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් වෙත නාවික හමුදාධිපති විසින් ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ 32 වන බඳවා ගැනීමේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් දෙදෙනෙක් (02) සහ නාවිකයන් තිස් හතර දෙනෙක් (34) විසිරයාම සහ ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී, අනූෂා බානගොඩ මැතිණියගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 22 වැනි දින ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.
23 Mar 2025
මහව, උස්ගල ගැමුණු මහ විදුහල “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, සියඹලාන්ගමුව, ගල්ගමුව උස්ගල ගැමුණු මහ විදුහල් පරිශ්‍රය පිරිසිදු කිරීම නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් 2025 මාර්තු මස 15 වැනි දින සිදු කෙරිණි.
19 Mar 2025
නාවික හමුදා බෝට්ටු නිෂ්පාදන අංගනයේ නිෂ්පාදිත කැනෝ හා කායක් බෝට්ටු 60ක් ක්‍රීඩා සමාජ වෙත ලබා දෙයි

ජාත්‍යන්තර කැනෝයින් හා කායකින් සම්මේලනයේ (International Canoe Federation - IFC) අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික කායකින් හා කැනෝයින් සංගමයේ (National Association for Canoeing and Kayaking in Sri Lanka – NACKSL) මුලිකත්වයෙන් වැලිසර, නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේ (NBBY) නිෂ්පාදනය කරන ලද කැනෝ හා කායක් බෝට්ටු හැටක් (60) දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ වෙත ලබා දීම, 2025 මාර්තු මස 17 වැනි දින වැලිසර නාවික හමුදා බෝට්ටු තැනීමේ අංගනයේදී නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
18 Mar 2025
අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම පෝෂණය කරණු ලබන, සමාජමය වටිනාකම් ඇතුලත් සහ පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර, පොතුවිල් සිංහල මහා විද්‍යාලය පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 14 වැනි දින සිදු කෙරිණි.
18 Mar 2025
නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව නිමාවට පත් වෙයි

නාවික හමුදාවේ දායකත්වය ඉහලින් අගයමින් කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 14 සහ 15 දෙදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ගරු ලුර්දු ආනන්දන් පියතුමා (Rt. Revd. Dr. Lourdu Ananthan. Bishop of Sivagangai diocese, India) යාපනය රදගුරු පදවියේ ගරු පී. ජේ. ජෙබරත්නම් පියතුමා (Very Revd. Fr. P. J. Jebaratnam,Vicar General, Jaffna Diocese) කොළඹ අග රදගුරු පදවියේ ගරු සිස්වාන් ද කෲස් පියතුමා (Revd. Fr. Ciswan de Croos, Colombo Arch Diocese) ඉන්දියාවේ රාමේශ්වරම් පැරිෂ් පූජක ගරු අශෝක් පියතුමා (Revd. Fr. Ashok, Parish Priest, Rameswaram, India) සහ ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක ගරු පී. පතිනාදන් පියතුමා (Revd. Fr. P. Pathinathan. Parish Priest, Delft) යන පූජක ප්‍රසාදීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන්, යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රකාසම් රදගුරු හිමිපානන්ගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන් (Maruthalingam Piiratheepan) මහතා ගේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සම්පත්, තාක්‍ෂණික හා ප්‍රජා සත්කාරක දායකත්වයෙන් මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්විණි.
17 Mar 2025
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී අද දින (2025 මාර්තු 17) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
17 Mar 2025
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 මාර්තු 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
16 Mar 2025