වැදගත් සිදුවීම්
CARAT–2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයට කොළඹදී සංගීත ප්‍රසංග මාලාවක්

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය 2023 ජනවාරි මස 19 වන දින සිදුකෙරිණි. එම අභ්‍යාසයට සමඟාමීව පාර්ශ්වකරුවන් අතර සංස්කෘතික හුවමාරුව තුලින් සහයෝගීතාවය ගොඩනැගීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද 7 වන නෞකා සමූහයේ (US 7th Fleet ) සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම එක්ව කොළඹදී ප්‍රසංග මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, එහි පළමු ප්‍රසංගය 2023 ජනවාරි මස 20 වන දින සන්ධ්‍යාවේ කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.
21 Jan 2023
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර හමුවක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 20) කොළඹ, ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.
21 Jan 2023
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 20) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
20 Jan 2023
යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
20 Jan 2023
CARAT - 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව කොළඹ දී සහ ත්‍රීකුණාමලයේදී

2023 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–23) ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව, කොළඹ වරාය පරිශ්‍රයේදි සහ ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය පරිශ්‍රයේදී අද දින (2023 ජනවාරි 19) ආරම්භ විය.
20 Jan 2023
35 වන සරඹ උපදේශක පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 35 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 20 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කරමින් සරඹ උපදේශකයින් ලෙස විසිරයාම, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී එම විද්‍යාපීඨයේ අඥාපති, කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 19) සිදුකෙරිණ.
20 Jan 2023
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව CARAT – 2023 සඳහා සහභාගීවීමට කොළඹ වරායට සේන්දු වෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සහභාගීවීමට අද දින උදෑසන (2023 ජනවාරි 19) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
19 Jan 2023
නැගෙනහිර නාවික විධානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2023 ජනවාරි මස 16 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගණ පරිශ්‍රයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය නාවික රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදි.
19 Jan 2023
EU CRIMARIO වැඩසටහන මඟින් දියයට ජායාරූප ලබාගැනීමේ විශේෂිත කැමරාවක් නාවික හමුදාව වෙත ප්‍රදානය කරයි

යුරෝපා සංගමයේ EU CRIMARIO ( European Union Critical Maritime Routes in Indian Ocean) වැඩසටහන යටතේ, ප්‍රංශයේ Gendarmerie ඒකකය විසින් සංවිධානය කරන ලද දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමේ විශේෂ කිම්දුම් පාඨමාලාව (Forensic Diving Course) මාලදිවයින් ජාතික ආරක්ෂක බලමුළුවට අයත් හල්හුමලේ (Hulhumale) වෙරළාරක්ෂක කඳවුරේදී 2023 ජනවාරි මස 13 වන දින සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී දිය යට අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා නාවික හමුදාවේ භාවිතය වෙනුවෙන් ලබාදුන් Olympus TG - 06 වර්ගයේ නවීනතම කැමරාව හා උපාංග එම පාඨමාලාවට සහභාගී වූ නාවික පුද්ගලයන් විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත භාරදීම අද දින (2023 ජනාවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
18 Jan 2023
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු හිදෙකි මිෂුකොෂි (Hideaki MIZUKOSHI) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 18) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
18 Jan 2023