වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 06) විශ්‍රාම යන ලදී.
06 Jan 2023
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 395 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 395 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජනවාරි මස 05 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.
06 Jan 2023
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරනු ලබන ගරු පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
05 Jan 2023
වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් වයඹ නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 05) වයඹ නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
05 Jan 2023
නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර හමුවක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2023 ජනවාරි 05) කොළඹ, පොලිස් මූලස්ථානයේදී, ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය.
05 Jan 2023
නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2022 දෙසැම්බර් මස 23 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදා මූලස්ථානයේදී ඔහු වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023
රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න 2022 දෙසැම්බර් මස 23 වන දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වෙත නිල වශයෙන් අද දින (2023 ජනවාරි 03) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
03 Jan 2023
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ධම්මික කුමාර නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද දින (2023 ජනවාරි 02) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
02 Jan 2023
ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2023 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 ජනවාරි 02) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.
02 Jan 2023
ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2022 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2023 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Jan 2023