වැදගත් සිදුවීම්
උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ජගත් කුමාර 2025 මාර්තු 31 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
01 Apr 2025
මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය “සතුට සපිරි පාසලක්” බවට පරිවර්තනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, මුලතිව්, ශ්‍රී සුබ්‍රමනියම් විද්‍යාලය පරිශ්‍රය ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම හා පුරවැසි බල ගැන්වීම 2025 මාර්තු මස 26 වැනි දින සිදු කෙරිණි.
01 Apr 2025
කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් නිරෝගී ජාතියක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික හමුදා පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරනු ලබයි. මේ අනුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරුගේ පූර්ණ අධික්‍ෂණය යටතේ නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ කරගහතැන්න කඳු තරණ අභ්‍යාසය 2025 මාර්තු මස 29 වැනි දින සාර්ථකව පැවැත්විණි.
31 Mar 2025
2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාව දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම නාවික හමුදාධිපති හමුවෙයි

2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම 2025 මාර්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී රග්බි කුසලානය නාවික හමුදාධිපති වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී තෙවන වරටත් කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාවට දිනාදීම අගයමින් රග්බි කණ්ඩායම වෙත නාවික හමුදාධිපති විසින් සුභ පැතුම් පිරිනමන ලදි.
27 Mar 2025
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 42 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් හතලිස් දෙදෙනෙකු (42) සාගරයට මුදා හැරීම 2025 මාර්තු මස 25 වන දින ගිණිකොන නාවික විධානයේ පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
27 Mar 2025
උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතන පරිශ්‍රයේ පරිපාලන කටයුතු වෙනුවෙන් භාවිතාකල ගොඩනැගිල්ලක් නවීකරණය කර, නිවාඩු නිකේතනයක් ලෙස පරිවර්ථනය කර විවෘත කිරීම 2025 මාර්තු මස 21 වැනි දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් විවාත කෙරිණි.
27 Mar 2025
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාල ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලබන කොමාණ්ඩර් Sean Jin සහ එම කාර්යාලයේ ප්‍රධානී ලෙස පත්වීමට නියමිත ලුතිනන් කොමාණ්ඩර් Ros Lary, නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 26 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
27 Mar 2025
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘MURASAME’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2025 මාර්තු මස 22 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව අද (2025 මාර්තු 25) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
26 Mar 2025
ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150 වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 150වැනි කාර්යය සාධක බලකායේ අණදෙන නිලධාරී, කොමදෝරු රොජර් වෝඩ් (Commodore Rodger Ward) ඇතුළු එම බලකායේ නිලධාරීන්ගෙන් සමන්විත ධූත පිරිසක් 2025 මාර්තු මස 22 වැනි දින සිට 26 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන අතර, ඊට සමගාමීව එම ධූත පිරිස නිල හමුවක් සඳහා අද (2025 මාර්තු මස 24) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
24 Mar 2025
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ නාවික හමුදාව පැවැත්වූ පාඨමාලාවන්ගේ සහතික ප්‍රදානය ත්‍රීකුණාමලයේදී

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව සංවිධානය කරන ලද, නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳ කලාපීය උපදේශක පාඨමාලාවේ සහ කලාපීය සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ උපදේශක පාඨමාලාව ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සහතික ප්‍රදානය ත්‍රීකුණාමලය Sober Island Resort හි දී 2025 මාර්තු මස 20 වැනි පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
24 Mar 2025