වැදගත් සිදුවීම්
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය පොන්නාලෙයි කලපුවේ කඩොලාන පැළ 700 ක් රෝපනය කෙරේ

නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම අද (2021 මාර්තු 14) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
14 Mar 2021
නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිදු කළ ඉදිකිරීම් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 මාර්තු 10 වන දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය එළි දැක්වීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එහිදී නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු කළ ඉදිකිරීම් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරිණි.
11 Mar 2021
ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 37 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල එක් නිලධාරීයෙක් සහ නාවිකයන් 36 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2021 මාර්තු 10 වන දින පුත්තලම ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සාගර උදයංග ගේ ආරාධනයෙන් වයඹ නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් එස්බී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
11 Mar 2021
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තා දින සැමරුම් වැඩසටහනක් උත්කර්ශවත් අයුරින් පවත්වයි

මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු 08 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
09 Mar 2021
ආරක්‍ෂක ලේකම් සමඟ නාවික හමුදාධිපති සඳහිරු සෑය සහ මිහිඳු මහා සෑය ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සමඟ අනුරාධපුරය සඳහිරු සෑයේ ඉදිකිරීම් නිරීක්‍ෂණය කිරීම සඳහා සහ මිහින්තලය මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා 2021 මාර්තු 06 වන දින සහභාගී විය.
07 Mar 2021
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව හා එක්ව ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාවට අයත් සමුද්‍ර නීරීක්‍ෂණ ගුවන් යානාවක් (Dornier Aircraft) මගින් ගුවන් නිරීක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් 2021 මාර්තු 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
06 Mar 2021
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහනක්

‘අභියෝග කිරීමට තෝරා ගනිමු’ යන තේමාව පෙරදැරිව මෙවර මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් සහ ඊට සමගාමීව ‘සිඳුලිය’ නමින් සඟරාවක් එළිදැක්වීම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 08 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
06 Mar 2021
ඉන්දියානු ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධූරියා (Rakesh Kumar Singh Bhadauria) අද (2021 මාර්තු 04) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
04 Mar 2021
ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කෙරේ

සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්‍ෂක උපදේශකත්වය පිළිබඳ ඉංදියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යයන් ත්‍රිත්වයේ එකතුවෙන් ත්‍රෛයිපාර්ශික ස්ථීර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම අද (2021 මාර්තු 01) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
01 Mar 2021
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “සෙටොගිරි” (Setogiri) නෞකාව 2021 පෙබරවාරි 25 වන දින හම්බන්තොට වරායට සේන්දු විය.
26 Feb 2021