වැදගත් සිදුවීම්
සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නිමාවට පත්වේ
කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු - ශ්‍රීලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යය අද (2022 මාර්තු 12) නිමාවට පත්විය. ඒ අනුව, සීමිත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙවර දේව මංගල්‍යයේ කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුග්‍රහයෙන් සිදුකෙරිණි.
12 Mar 2022
නැගෙනහිර පළාතේ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් සඳහා නාවික හමුදා සහය
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් නැගෙනහිර පළාතේ සාම්පූර්, ත්‍රිකුණාමලය සහ මුලතිවු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් 2022 මාර්තු මස 06, 08, 10 සහ 11 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලද ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් කිහිපයක් සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.
12 Mar 2022
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 11) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
11 Mar 2022
ඉන්දීය බටහිර නාවික නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) අද (2022 මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
10 Mar 2022
ප්‍රංශය, බංගලාදේශ සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් යුද නෞකාවන් කොළඹ සහ හම්බන්තොට වරායන්ට සේන්දු වෙයි
ප්‍රංශය, බංගලාදේශය සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත්, යුද නෞකා 04ක්, 2022 මාර්තු 08 සහ 09 යන දිනයන්හි දී නිළ සංචාර සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
10 Mar 2022
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සංජීව ඩයස් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
රියර් අද්මිරාල් සංජීව ඩයස් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
09 Mar 2022
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
08 Mar 2022
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින තලේමන්නාරම, එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
08 Mar 2022
මිලාන් - 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී වේ
ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.
07 Mar 2022
උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ
උතුරු මැද නාවික විධානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන්, සිදු කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2022 මාර්තු මස 05 වන දින විවෘත කරන ලදී.
06 Mar 2022


