වැදගත් සිදුවීම්
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෛද්‍ය කාර්යය මණ්ඩල වෙත කෙරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල වෙත ලබා දීමට 2020 මැයි 29 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.
30 May 2020
නාවික හමුදාව විසින් පුද්ගලනාශක බෝම්බ තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 මැයි මස 29 වන දින මන්නාරම, වෙඩිතලතිවු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී පුද්ගලනාශක බෝබ්බ තොගයක් සොයා ගැනීමට සමත් විය.
30 May 2020
නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා ඔය, ආනන්ද පුර ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.
30 May 2020
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර රාජ්‍යතාත්ත්‍රික මට්ටමින් සිදුවන මෙම කාර්යය සඳහා නාවික හමුදාව සහාය ලබා දෙන ලදි.
29 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 366ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 28 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත
29 May 2020
බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 04 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 04 දෙනෙකු 2020 මැයි 28 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
29 May 2020
ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය.

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක්වූ ‘දෝනි’ නැමති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි මස 29) කටයුතු කරන ලදි.
29 May 2020
විදේශීය නෞකා කාර්ය මණ්ඩලය හුවමාරු කිරීමට නාවික හමුදාවේ සහය.

විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශ ජාතිකයින් පිරිසක් මත්තල සිට රැගෙනවිත් ගාල්ල වරායෙන් ආරක්ෂිතව සිය නෞකාවන් වෙත පිටත් කර යැවීමටත් එම නෞකාවන්හි සිටි විදේශ ජාතිකයින් පිරිසක් තම මව් රට බලා පිටත් කර යැවීම සඳහා මත්තල ගුවන්තොටුපල වෙත රැගෙන යාමට ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් ලබාදීමටත් 2020 මැයි මස 28 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.
29 May 2020
නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2020 මැයි 28 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කරන ලදි.
29 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 357ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
28 May 2020