වැදගත් සිදුවීම්

දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 08 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම ය‍ටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි. සියළුම නිලධාරීන් හා නාවිකයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල් මෙම මහඟු සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලෙස යොදා ගනු ලබන අතර, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ඇත.

20 Apr 2021

ශ්‍රී ලංකා නාවික හමුදාවට ආශිර්වාද පතා ක්‍රිස්තියානි දේව මෙහෙයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිකුණාමලය රදගුරු, ආචාර්ය ක්‍රිස්තියන් නොයෙල් එමානුවෙල් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් 17 වන දින පැවැත්විණි.

18 Apr 2021

ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” නෞකාව තෙදින (03) නිල සංචාරයක් සඳහා 2021 අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.

15 Apr 2021

නාවික හමුදාධිපතිතුමන්ගේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය

සිංහල හා දමිළ අලුත් අවුරුද්දක අරුණළු උදාවන මේ හෝරාවේ සියලුම නිලධාරීන්, නාවිකයින්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුලේ සියලුම සාමාජිකයින් හට සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවායි මා ඇතුළු මාගේ පවුලේ සියලු දෙනා ඉත සිතින් සුභාසිංශනය කරන්නෙමු.

14 Apr 2021

රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 12) දින විශ්‍රාම යන ලදී.

12 Apr 2021

නාවික හමුදාව විසින් ගිං ගඟ ආශ්‍රිතව ආපදා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

ගංවතුර තත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනක් 2021 අප්‍රේල් 05 වන දින සිට 10 වන දින දක්වා ගිං ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගිංතොට ප්‍රදේශයේදී පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

11 Apr 2021

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණු ලංකාගම නිල්වැල්ල පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් මස 10 දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

11 Apr 2021

නිල්වැල්ල දියයට කලාගාරය ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතා විසින් අද (2021 අප්‍රේල් 10) නිල්වැල්ල වෙරළ තීරයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

10 Apr 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 අප්‍රේල් 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

09 Apr 2021

ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 72 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 43 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 29 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ රුපියල් මිලියන 27.3 ක වටිනාකමකින් යුත් පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2021 අප්‍රේල් 07) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

07 Apr 2021