වැදගත් සිදුවීම්
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 332ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 25 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
26 May 2020
‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත තවදුරටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.
25 May 2020
ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 24 වන දින කෝකිලායි, තුඩුව වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළේ නවතා තිබූ ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය.
25 May 2020
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (2020 මැයි 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
25 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 313ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
25 May 2020
මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය රුපියල් ලක්‍ෂ 3 ½ ක (රු.350000.00) පමණ වටිනාකමින් යුත් සෞඛ්‍යාරක්‍ෂිත විෂයන් තොගයක් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.
24 May 2020
නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 23 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
24 May 2020
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 293ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
24 May 2020
‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට අද (2020 මැයි 23) සමුදුර නෞකාව කටයුතු කරන ලදි.
23 May 2020
නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 29 දෙනෙකු 2020 මැයි මස 22 සහ 23 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
23 May 2020