වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 27 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 17 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් නාවික තාක්‍ෂණික ආයතනයේ සිදුකළ මුලික පුහුණුව සාර්ථකව නිමකර විසිර යාමේ පෙළපාලිය අද (2021 මාර්තු 23) දින වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් සනත් උත්පල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

23 Mar 2021

ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

2021 මාර්තු මස 21 වන දිනට යෙදුනු ලෝක වනාන්තර දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සියලුම නාවික විධානයන් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, බටහිර නාවික විධානයේ පැවති එහි ප්‍රධාන වැඩසටහන සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 21 වන දින වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

22 Mar 2021

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

22 Mar 2021

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සිය වසර 36 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 මාර්තු 21) දින විශ්‍රාම යන ලදී.

21 Mar 2021

නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත පරිත්‍යාග කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සහන සත්කාර ඒකකය (Palliative Care Unit) සඳහා පසුගිය වසරේදී ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණයට වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහල මඟින් සංවිධානය කරන ලද වැඩසටහනකදී එම වාට්ටු සංකීර්ණයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සුවතාවය සඳහා නාවික හමුදාව මගින් නැවත සකස් කරන ලද පැදි යාත්‍රාවක් පරිත්‍යාග කිරීම දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් 2021 මාර්තු 18 වන දින සිදු කෙරිණි.

20 Mar 2021

නාවික හමුදාව මගින් උතුරේ දූපත් ආශ්‍රිත පාසල් දූදරුවන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

උතුරු නාවික විධානය මගින් යාපනය අර්ධද්වීපයේ දූපත්වාසි පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කල පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු මස 14 වන දින මණ්ඩතිවු දූපතේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

16 Mar 2021

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ඉන්දියානු නාවික හමුදාවෙන් ඉගෙනුම් ආධාරක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දියානු නාවික හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරීමක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාව වෙතින් ලබා දුන් ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත ලබා දීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා විසින් 2021 මාර්තු මස 14 වන දින සිදු කෙරිණි.

15 Mar 2021

නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය පොන්නාලෙයි කලපුවේ කඩොලාන පැළ 700 ක් රෝපනය කෙරේ

නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැළ 700 කට අධික ප්‍රමාණයක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රෝපනය කිරීම අද (2021 මාර්තු 14) උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

14 Mar 2021

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිදු කළ ඉදිකිරීම් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 මාර්තු 10 වන දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 40 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය එළි දැක්වීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, එහිදී නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු කළ ඉදිකිරීම් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම් විසින් විවෘත කෙරිණි.

11 Mar 2021

ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් 37 දෙනෙකු වෙත ලාංඡන පැළඳවේ

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල එක් නිලධාරීයෙක් සහ නාවිකයන් 36 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය 2021 මාර්තු 10 වන දින පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සාගර උදයංග ගේ ආරාධනයෙන් වයඹ නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් එස්බී සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

11 Mar 2021