වැදගත් සිදුවීම්

සමුද්‍රීය ආරක්‍ෂාව තහවුරු කිරීමට හා නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට ශක්තිමත් ඒකාබද්ධ වැඩසටහනක් සඳහා නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ වයඹ පලාතේ ධිවර ප්‍රජාව එක්වෙයි

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන අහිතකර බලපෑම සහ මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් පිළිබඳව වයඹ පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ පළාතේ පරිසරවේදීන්, නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ සහ වයඹ පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ඔක්තෝබර් මස 02 වැනි දින වයඹ නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

08 Oct 2025

සමුද්‍රීය සහ වෙරළාශ්‍රිත ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගනියි

නැගෙනහිර පළාත ආශ්‍රීතව සමුද්‍රීය හා වෙරළ ආශ්‍රිතව පවත්නා ගැටළු සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් විසදුම් සෙවීම‍ට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සාකච්ඡාවක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ‍ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 02 වැනි දින, ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේදී සාර්ථකව පැවැත්විණි.

08 Oct 2025

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට ආසන්න සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ අද (2025 ඔක්තෝබර් 07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

07 Oct 2025

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරයට සමඟාමීව ත්‍රිවිද හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් මන්නාරම පේසාලේදී

2025 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සරය නිමිත්තෙන්, ඔක්තෝබර් මස 05 සිට දෙසැම්බර් 26 දක්වා කාල සීමාව තුල විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන් මාලාව ආරම්භ කරමින්, ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය දෙපාර්තමේන්තු හා එක්ව සංවිධානය කළ, විශේෂ ජංගම වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් අද (2025 ඔක්තෝබර් 05) මන්නාරම පේසාලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

05 Oct 2025

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැපයීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team - OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් දෙකක (02) දේශීය නියෝජිතයෙක්‍ හා ගිවිසුම්ගත වීම, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

05 Oct 2025

‘USS FITZGERALD’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දිවයිනට පැමිණි, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, 2025 ඔක්තෝබර් මස 04 වැනි දින දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

05 Oct 2025

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනියි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් ජගත් කුමාර, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වැලිසර, ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදුකෙරිණි.

04 Oct 2025

ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 ඔක්තෝබර් මස 03 වැනි දින වාලච්චේන ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

03 Oct 2025

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 ඔක්තෝබර් 03) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

03 Oct 2025

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද (2025 ඔක්තෝබර් 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.

02 Oct 2025