වැදගත් සිදුවීම්
නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජ හරණයට ලක්කරයි

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
29 Mar 2020
කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු ඇසුරු කර මුහුදු ගිය ධීවරයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදා සහය.

ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.
29 Mar 2020
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා DSI ආයතනය වෙතින් නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂක උපකරණ පරිත්‍යාග කෙරේ

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සහය දක්වමින් DSI ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂක උපකරණ රැසක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.
29 Mar 2020
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සහ නොරොච්චෝලය පොලිසිය එක්ව 2020 මාර්තු 28 වන දින නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේ සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනක් (02) අත් අඩංගුවට ගැනීමට සමත්විය.
29 Mar 2020
නාවික හමුදාව විසින් දෙවන වරටත් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහනක් 2020 මාර්තු 28 වන දින රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කරන ලදි.
29 Mar 2020
නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
28 Mar 2020
ඉරනවිල නිරෝධායන මධ්‍යස්ථානයේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය.

නාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින හලාවත, ඉරනවිල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ ජල පහසුකම් සළසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලිඳ පිරිසිඳු කිරීමට කටයුතු කරන ලදි.
28 Mar 2020
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
28 Mar 2020
මුරුන්කන් ප්‍රදේශයෙන් ජීවී අත් බෝම්බයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින මුරුන්කන් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී යෝධ වැවෙහි වැවි බැම්මෙහි තිබී මලබැඳීගිය අත් බොම්බයක් සොයා ගන්නා ලදී.
28 Mar 2020
කොළඹ මැනිං පොදු වෙළෙඳපොළේ විෂබීජහරණ කටයුතු සිදු කිරීමට නාවික හමුදා දායකත්වය

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් 2020 මාර්තු 27 වන දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.
28 Mar 2020