වැදගත් සිදුවීම්
පානීය ජලය සහ වියලි ආහාර බෙදා දීමේ නාවික හමුදා සමාජ සත්කාරයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 26 සහ 27 යන දෙදින තුළ ආගමික ස්ථාන සහ අසරණ පවුල් වෙනුවෙන් වියලි ආහාර සළාක සහ පානීය ජලය බෙදාදීමේ වැඩසටහනක් උතුරු මැද නාවික විධානයට අයත් ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.
27 Mar 2020
නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී අද (2020 මාර්තු 27) කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි.
27 Mar 2020
නාවික මහ රෝහල (කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන්ට සහ නාවික පවුල් සාමාජිකයන්ට ලබාදෙන සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි.

විශ්‍රාමික නාවික පුද්ගලයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නාවික මහ රෝහල (කොළඹ) මඟින් ලබාදෙන සාමාන්‍ය ප්‍රථිකාර කටයුතු රටතුළ පවතින ව්‍යසනකාරී තත්වය මත තාවකාලිකව අත්හිටුවීමට නාවික හමුදාව තීරණය කර ඇත.
27 Mar 2020
නාවික හමුදාව උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ශ්‍රීලංකා නාවික හමුදාව අද (2020 මාර්තු 27) උතුරු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි.
27 Mar 2020
කාකතිව් දූපතෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 26 වන දින මන්නාරම, කිරන්චි ප්‍රදේශයේ කාකතිව් දූපතේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ග්‍රෑම් 400 ක පමණ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය.
27 Mar 2020
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය.
26 Mar 2020
උතුරු ප්‍රදේශයේ දූපත්වාසි අසරණ ජනතාව සඳහා නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
26 Mar 2020
නාවික හමුදාව රාගම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සහ රාගම පොල්ගහහේන ජේසු බිළිදු පෙර පාසල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
26 Mar 2020
මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.
26 Mar 2020
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කෙරේ.

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම නාවික හමුදාව විසින් සිදු කරමින් පවතී.
26 Mar 2020