වැදගත් සිදුවීම්
කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 11 වන දින මූතූර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
12 Feb 2020
පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ මේ දක්වා නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 773 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.
12 Feb 2020
කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 11 වන දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
12 Feb 2020
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලබන තවත් පාඨමාලාවක් ත්‍රීකුණාමලයේදී

ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලබන නෞකා හා යාත්‍රාවලට ප්රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්රමෝපායන් පිළිබඳ තවත් එක් පාඨමාලාවක් 2020 පෙබරවාරි 10 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී ආරම්භ කෙරුණි.
11 Feb 2020
නාවික හමුදාව විසින් හීරල්ලුගම මහ වැව ජපන් ජබර ඉවත් කර පිරිසිදු කරන ලදි.

මැදවච්චිය, තුලාන හීරල්ලුගම මහ වැව 2020 පෙබරවාරි 09 වන දින නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජපන් ජබර ඉවත් කර ජනතාවට පරිහරණය කිරීමට හැකි වන පරිදි පිරිසිදු කරන ලදි.
11 Feb 2020
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර ඇත.
10 Feb 2020
ධිවර දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 10 ) තලෙයි මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කරන ලදි.
10 Feb 2020
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 05 සහ 07 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලදි.
10 Feb 2020
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව 2020 පෙබරවාරි 08 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු (01) අත්අඩංගුවට ගැනීමට සමත්විය.
09 Feb 2020
ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් ගේ සහාය.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහක් අද (2020 පෙබරවාරි 08) ගල්කිස්ස වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාවේ කාර්ය මණ්ඩලයද එක්විය.
08 Feb 2020