වැදගත් සිදුවීම්
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 21) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
21 Feb 2020
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මයිකල් ෆ්රික් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 20) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.
20 Feb 2020
‘ටෙස්’ පුද්ගලික ආයතනය මගින් නාවික හමුදාව වෙත දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කරයි

‘ටෙස්’ ආයතනය විසින් දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් අද (2020 පෙබරවාරි 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි.
20 Feb 2020
කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 19 වන දින යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
20 Feb 2020
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 19) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.
19 Feb 2020
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 පෙබරවාරි 19) රිඡ්වේ ආර්යා ළමා රෝහලෙහි සංචාරයක නිරත විය.
19 Feb 2020
ඉන්දියාවේ ජර්මන් තානාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මයිකල් ෆ්රික් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ඉන්දියාවේ ජර්මන් තනාපති කාර්යයාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 19) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.
19 Feb 2020
නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) නාවික හමුදා භාරයට

පුත්තලම, උඩප්පුව මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරතවීම සීමා කළ මුහුදු සීමාව තුළ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු වල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් (05) 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලදි.
19 Feb 2020
දික්ඕවිට ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

දික්ඕවිට, ධීවර වරාය දකුණු පර්යන්තය ඉදිරිපිට පාළු ඉඩමක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 18 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
19 Feb 2020
72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ප්‍රශංසාව පුද කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 පෙබරවාරි 19) බටහිර නාවික විධාන මූලස්ථානයේදී 72 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වූ නාවික පුද්ගලයින් අමතා සිය ප්‍රශංසාව පුද කිරීමට කටයුතු කරන ලදි.
19 Feb 2020