වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය විවෘත කෙරේ.

අභිනවයෙන් ඉදිකරන ලද නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ) නිල නිවාසය අද (2020 පෙබරවාරි 14) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් විවෘත කරන ලදි.
14 Feb 2020
කොමාණ්ඩර් ගීත් ජයලත් ශ්‍රීලංනානෞ එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගීත් ජයලත් අද (2020 පෙබරවාරි 14) වැඩ භාර ගන්නා ලදී.
14 Feb 2020
නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු පොදු සමා කාලය තුල නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 776 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.
13 Feb 2020
වත්තල, මත්පැන් අලෙවිසැල තුල හටගත් ගින්න මැඩලීමට නාවික හමුදා සහාය.

වත්තල ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අද (2020 පෙබරවාරි 13) නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
13 Feb 2020
ඩිංගි යාත්‍රාවක් තුල හටගත් ගින්නක් මැඩලීමට නාවික හමුදා සහාය.

අද (2020 පෙබරවාරි 13) නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජැටියක නවතා තිබූ සංචාරයකයින් ප්‍රවාහනය කරනු ලබන ඩිංගි යාත්‍රාවක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
13 Feb 2020
තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය.

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වාභාවීක හේතූන් මත අපවිත්‍රව පැවති තලෙයිමන්නාරම්තොට දුම්රිය ස්ථානය නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් 2020 පෙබරවාරි 11 වන දින පිරිසිදු කරන ලදි.
13 Feb 2020
නාවික හමුදාධිපතිතුමා වයඹ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2020 පෙබරවාරි 11 සහ 12 යන දෙදින තුල වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් ද එතුමා වෙත පුද කෙරිණි.
12 Feb 2020
ගැඹුරු මුහුදේ සිදු කෙරෙන අපරාධ මැඩලීම පිලිබඳ සාකච්ඡාවක් නාවික හමුදා මෙහෙයවීමෙන්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ‘ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් නීති විරෝධී කටයුතු සඳහා සැක සහිත යාත්‍රා සම්බන්ධ අභියෝග’ යන තේමාවෙන් යුත් බහු පාර්ශවික සාකච්ඡා වැඩසටහනක් 2020 පෙබරවාරි 10 වන දින කොළඹ පිහිටි ප්‍රදීපාගාර අවහන්හල පරිශ්‍රයේදී සාර්ථකව නිම විය.
12 Feb 2020
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජාසත්කාරක වැඩසටහනක් 2020 පෙබරවාරි 11 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
12 Feb 2020
බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට.

නාවික හමුදාව 2020 පෙබරවාරි 11 වන දින මන්නාරම, පල්ලෙමුණේ වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව කිමිදුම් උපකරණ යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
12 Feb 2020