වැදගත් සිදුවීම්
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් සිව්දෙනෙකු(04) බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 20 වන දින ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනිමට සමත් විය.
21 Dec 2019
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් විසි අටදෙනෙකු(28) බේරා ගැනිමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 21) වන දින කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර 500 ඉපලෝගම ග්‍රාමසේවා වසමේ දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු බේරා ගැනිමට සමත් විය.
21 Dec 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 21) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
21 Dec 2019
අයහපත් කළගුණික තත්වයට මුහුණ දීමට නාවික හමුදා සහන කණ්ඩයම් රැසක්

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
20 Dec 2019
700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය නාවික හමුදාධිපති විසින් ජනතා අයිතියට පත් කෙරේ.

700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අරලගංවිල, පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී, අද (2019 දෙසැම්බර් 20) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
20 Dec 2019
කපිතාන් තුෂාර උඩුගම ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් තුෂාර උඩුගම අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී.
20 Dec 2019
ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාව සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘හංසයා’ නෞකාව අද (2019 දෙසැම්බර් 20) සිය අභිමානවත් 32 වන සංවත්සරය සමරන ලදී.
20 Dec 2019
කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි ශ්‍රීලංනානෞ උදාර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි අද (2019 දෙසැම්බර් 20) වැඩ භාර ගන්නා ලදී.
20 Dec 2019
ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනය සිය 48 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදා දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘රුහුණ’ ආයතනයේ 48 වන සංවත්සරය 2019 දෙසැම්බර් 18 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.
20 Dec 2019
ඉන්දීයානු නාවික හමුදාධිපතිතුමා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

සිව් දින නිල සංචාරයක් සඳහා 2019 දෙසැම්බර් 18 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 20) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
20 Dec 2019