වැදගත් සිදුවීම්
ශ්‍රීලංනානෞ ‘කංචදේව’ ආයතනය සහ ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාව සිය සංවත්සරික දිනයන් අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘කංචදේව’ ආයතනය සහ නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව සංවත්සරික දිනය අද (2019 දෙසැම්බර් 09) අභිමානවත් ලෙස සමරන ලදි.
09 Dec 2019
මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 09) අළුයම මන්නාරම, පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.
09 Dec 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 09) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
09 Dec 2019
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් එකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 08 වන දින කින්නියා සහ පුත්තලම යන ප්‍රදේශයන්හිදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
09 Dec 2019
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

වැලිගම ගංදුව මුහුදු ප්‍රදේශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 08 වන දින ක්‍රියාත්මක කළ අතර, එහිදී එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
09 Dec 2019
දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින

දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.
08 Dec 2019
කින්නියා, උප්පාරු පාලම අසල ආපදාවට පත්ව අතුරුදහන් වූ ධීවරයින් සොයා නාවික හමුදාව මෙහෙයුම්

2019 දෙසැම්බර් 08 වන දින උප්පාරු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් ආපදාවට පත්වීම හේතුවෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
08 Dec 2019
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 07 වන දින කල්පිටිය, පල්ලියවාසලපාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් ඇල්ලු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
08 Dec 2019
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.
08 Dec 2019
නාවික හමුදා 69 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරයට සමඟාමීව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි.
08 Dec 2019