වැදගත් සිදුවීම්
මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ 2019 දෙසැම්බර් 03 වන දින සිදුකල වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.
04 Dec 2019
නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.
04 Dec 2019
ආරක්‍ෂක අංශයේ නිල ඇදුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් 03 වන දින වත්තල ප්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් භාවිතා කරනු ලබන නිල ඇදුම් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
04 Dec 2019
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව සාර්ථක සංචාරයකින් පසු ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව අද (2019 දෙසැම්බර් 03) ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.
03 Dec 2019
අයහපත් කාළගුණික තත්වයට මුහුණ දීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
03 Dec 2019
විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවක් 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.
03 Dec 2019
අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019

2019 වර්ෂයට අදාලව නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
03 Dec 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර, කරදක්කුලිය වෙරළ තීරයේ අද(2019 දෙසැම්බර් 03) සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
03 Dec 2019
මුහුදු මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 02 වන දින සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
03 Dec 2019