වැදගත් සිදුවීම්

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

ගාල්ල, මහමෝදර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙකු (01) 2020 පෙබරවාරි 06 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

07 Feb 2020

පකිස්තානයේ ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් මුජාහිඞ් අන්වර් ඛාන් (Mujahid Anwar Khan) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන පකිස්තානයේ ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් මුජාහිඞ් අන්වර් ඛාන් (Mujahid Anwar Khan) අද (2020 පෙබරවාරි 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

07 Feb 2020

පොදු සමා කාලය තුල මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු නාවික කඳවුරු වෙත භාර වෙයි.

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු මේ වනවිට (2020 පෙබරවාරි 07) නාවික හමුදා කඳවුරු වෙත වාර්ථා කර ඇත.

07 Feb 2020

හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 පෙබරවාරි 06 වන දින සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

07 Feb 2020

කේරළ ගංජා ග්‍රෑම් 56ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 පෙබරවාරි 06) කුච්චවේලි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා ග්‍රෑම් 56 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

07 Feb 2020

72 නිදහස් දින සැමරුමට සමගාමිව නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

72 නිදහස් දින උළෙලට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 පෙබරවාරි මස 04 වන දින ක්‍රියාත්මක කරන ලදී.

06 Feb 2020

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06 ) උඩප්පුව හා දළුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් හතරක් (04) සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා ‍භාරයට ගන්නා ලදි.

06 Feb 2020

වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ඉදිකරන ලද මෙම නිවාස සංකිර්ණය නිවාස 08 කින් යුක්ත වන අතර, නවීන පහසුකම්වලින් සහ නිවසකට අවශ්‍ය සියළු උපකරණවලින් සමන්විත වේ.

06 Feb 2020

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.

06 Feb 2020

එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) නාවික හමුදා මූලස්ථානයේදී අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

06 Feb 2020