වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් නිරාජ ආටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නිරාජ ආටිගල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 07) විශ්‍රාම යන ලදී.

07 Nov 2019

තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අට දෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, පෙරියකරසාල් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ‍හෙරොයින් මිලිග්‍රෑම් 335 ක් සහ කේරළ ගංජා මිලිග්‍රෑම් 2910 ක් ලඟ තබාගත් පුද්ගලයින් පස් දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ මන්නාරම, කොට්ඨාශ මර්ධන ඒකකය එක්ව 2019 නොවැම්බර් 06 වන දින මන්නාරම, ඉරුක්කුලම්පින්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 2432 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

07 Nov 2019

අභිනවයෙන් ඉදිකළ නාවික හමුදා සංගමයේ “සිහිනය” නිවාඩු නිකේතනය විවෘත කෙරේ

නාවික හමුදා සංගමය විසින් දියතලාවේ ඉදිකරන ලද “ සිහිනය” නිවාඩු නිකේතනය 2019 නොවැම්බර් 06 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

07 Nov 2019

අනවසර සංක්‍රමණිකයින් එකලොස් දෙනෙකු (11) නාවික හමුදා බාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රීලාංකික පුද්ගලයින් එකොලොස් දෙනෙකු (11) අද ( නොවැම්බර් 06) අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී.

06 Nov 2019

වෙහෙරගල ජලාශයේ වාන්දොරටු අළුත්වැඩියාව සඳහා නාවික හමුදාව සහායවෙයි

නාවික හමුදාව විසින් 2019 නොවැම්බර් 04 වන දින තණමල්විල, වෙහෙරගල ජලාශයේ කාර්මික දෝශයකට ලක්ව අක්‍රීයව පැවති වාන් දොරටුව පිළිසකර කිරීමට සමත්විය.

06 Nov 2019

හම්බන්තොට ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ළඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව 2019 නොවැම්බර් 05 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ කාට්රේජයක් සහ ගංජා පැල නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Nov 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (නොවැම්බර් 05) සිලාවතුර, කොක්කුපඩයාන් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 56 ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Nov 2019

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් ඩිනේෂ් අයි ස්කෝඩා (Denis I. Shkoda) 2019 නොවැම්බර් මස 04 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය.

05 Nov 2019