වැදගත් සිදුවීම්
දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම සඳහා නාවික හමුදා දායකත්වය

යාපනය, දඹකොළ පටුන සංඝමිත්තා විහාරයේ වාර්ෂික කඨින පිංකම, නාවික හමුදා සහයෝගයෙන් 2019 ඔක්තෝබර් 13 සහ 14 යන දිනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
15 Oct 2019
පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 14 වන දින ත්‍රිකුණාමලය, සින්නවේලී ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත.
15 Oct 2019
ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපතිතුමා යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.
14 Oct 2019
නාවික හමුදාව විසින් ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදි තහනම් දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) උදෑසන ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදී සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තුනක් සොයා ගැනීමට සමත්ව ඇත.
14 Oct 2019
කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
14 Oct 2019
හඳුනා නොගත් මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 14) නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයකදී සොයා ගැනීමට සමත් වී ඇත.
14 Oct 2019
නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 13 වන දින හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
13 Oct 2019
නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුම

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ඔක්තෝබර් 12 වන දින පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත්දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව ඇත.
13 Oct 2019
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 12 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 227.86 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
13 Oct 2019
නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 12) උදෑසන මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.
12 Oct 2019