වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් හා හක් බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝම්බර් 04 වන දින මන්නාරම, තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 04 ක් සහ හක් බෙල්ලන් 03 ක් සමඟ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

05 Oct 2019

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ගිණිකොන නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 ඔක්තෝම්බර් 02 වන දින ක්‍රියාත්මක කරන ලදි.

04 Oct 2019

ගුරුනගර් ප්‍රදේශයේ දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

04 Oct 2019

කේරළ ගංජා සහ දේශිය ගංජා ලඟ තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පුත්තලම, පොලිසිය එක්ව අද (ඔක්තෝම්බර් 03) පුත්තලම, පාලවි ප්‍රදේශ‍යේ සිදු කළ සෝදිසි කිරිමකදී කේරළ ගංජා ග්‍රෑම් 1.087 ක් සහ දේශිය ගංජා ග්‍රෑම් 7.900 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Oct 2019

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

03 Oct 2019

ඉඳුරාම බඳවා ගත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්/නිලධාරිණියන් 36 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද (ඔක්තෝම්බර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

03 Oct 2019

නුවර වැවේ ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 03) අළුයම නුවර වැවේ ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

03 Oct 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනය සිය 12 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහවැලි’ ආයතනයේ 12 වන සංවත්සරය 2019 ඔක්තෝම්බර් 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදි.

03 Oct 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ඔක්තෝම්බර් 02 වන දින යාපනය, මරුතන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.6 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

03 Oct 2019

කුච්චවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝයාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 02 වන දින ත්‍රිකුණාමලය,කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

03 Oct 2019