වැදගත් සිදුවීම්

යාපනය, පුවරසන්තිව් දුපතේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින යාපනය, පුවරසන්තිව් දූපතේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

25 May 2019

30 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව 2019 මැයි 24 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේදී පවත්වන ලදී.

25 May 2019

අරිසිමලේ ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත් වී ඇත.

25 May 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 May 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

25 May 2019

‍නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත.

25 May 2019

තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයේ පිහිටි සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථාන‍යේදී අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජානක නිස්සංක ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරිණි.‍

25 May 2019

හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 24) පෑලියගොඩ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

24 May 2019

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

24 May 2019

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 23 වන දින ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 May 2019