වැදගත් සිදුවීම්

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් දින මාර්ග ධාවනය - 2025 ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පවත්වයි

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (International Military Sports Council) සැමරුම් මාර්ග ධාවනය - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හා ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ මූලිකත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ගේ සහභාගීත්වයෙන් අද (2025 පෙබරවාරි 18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ සිට අකුරේගොඩ ත්‍රිවිධ හමුදා මූලස්ථානය දක්වා පවත්වන ලදී.

18 Feb 2025

ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම, අද (2025 පෙබරවාරි 18) කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Paul Stephens මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

18 Feb 2025

“අමාන් - 2025” බහු පාර්ශවික අභ්‍යාසයට සහභාගී වූ විජයභාහු නෞකාව දිවයිනට පැමිණෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලැබූ අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමාකරමින් අද දින (2025 පෙබරවාරි 17) කොළඹ වරායට පැමිණි අතර, එහිදී විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

17 Feb 2025

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේද ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Avihay Zafrany අද (2025 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

17 Feb 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2025 පෙබරවාරි මස 16 වැනි දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවේ ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව, සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2025 පෙබරවාරි 17) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

17 Feb 2025

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ ස්ථාපනය කල ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සිරස ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහනේ අනුග්‍රහය ය‍ටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පරසන්ගස්වැව නිග්‍රෝධාරාම විහාරයේ ස්ථාපනය කෙරුණු 1080 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද (2025 පෙබරවාරි 16) සිදු කෙරිණි.

16 Feb 2025

“පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතිය යටතේ වෙරළ සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව දායක වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 පෙබරවාරි මස 15 වැනි දින සහ අද (2025 පෙබරවාරි 16) බස්නාහිර, ගිණිකොන සහ නැගෙනහිර යන පළාත් තුළ ආරම්භ කෙරුණු වෙරළ පිරිසිදු කිරීම සහ සංචාරක ස්ථාන පවිත්‍ර කිරීම යන වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.

16 Feb 2025

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

16 Feb 2025

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙබ 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් තබන ලද අතර, මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.

14 Feb 2025

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී රියර් අද්මිරාල් Angus Essenhigh නිල හමුවක් සඳහා අද (2025 පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති කාන්චන බානගොඩ හමුවිය.

14 Feb 2025