වැදගත් සිදුවීම්
එරක්කන්ඩි වෙරළ තීරයේදී අතහැර දමා ගොස් තිබූ ධිවර යාත්‍රාවක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 07) එරක්කන්ඩි වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සොයා ගෙන ඇත.
08 May 2019
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පසුගිය මැයි 04 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
08 May 2019
නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දහදෙනෙකු (10) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 07) චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහදෙනෙකු (10) අත්අඩංගුවට ගෙන ඇත.
07 May 2019
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ලඟ තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව අද (මැයි 07) වංකාලේ ප්‍රදේශයේදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
07 May 2019
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නාවික පුද්ගලයින් විසින් අද (මැයි 07) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.
07 May 2019
ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් විසින් නාවික හමුදාවට ලෝහ සංවේදක උපකරණ පරිත්‍යාගයක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් පිරිසක් නවීන ලෝහ සංවේදක උපකරණ 15 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි.
07 May 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව පසුගිය මැයි 05 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 575 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
07 May 2019
ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව සිංගප්පුරුව බලා පිටත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ඊයේ (මැයි 06) ත්‍රිකුණාමල වරායෙන් සිංගප්පුරුව බලා පිටත්ව යන ලදි.
07 May 2019
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) වත්තිරයන් ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.2 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
07 May 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) ත්‍රිකුණාමලය, බැක් බේ ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට ගෙන ඇත.
07 May 2019