වැදගත් සිදුවීම්
විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව ලැබූ නිලධාරීන් සහ නාවිකයන් 23 දෙනෙකු විසිර යති

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 02) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.
02 Mar 2019
නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කසමෝරු ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමකට අනුව අද (මාර්තු 02) වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහ මීගමුව, ධීවර කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකින් තහනම් මත්ස්‍ය විශේෂයක් වන කසමෝරුන් අල්ලා මීගමුව ධිවර වාරාය වෙත රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Mar 2019
ශ්‍රීලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව කණිෂ්ඨ නාවික නිවාසයක් විවෘත කරයි

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අලුතින් ඉදිකරණ ලද කණිෂ්ඨ නාවික නිවාසය වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා විසින් අද (මාර්තු 02) විවෘත කෙරිණි.
02 Mar 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (මාර්තු 01) මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
02 Mar 2019
රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල අද (මාර්තු 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
01 Mar 2019
රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උපුල් ඒකනායක සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (මාර්තු 01) විශ්‍රාම යන ලදී.
01 Mar 2019
‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ නාවික හමුදා ජයග්‍රහකයින් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 24 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. ඒ සඳහා සහභාගි වූ නාවික හමුදා සහාය දිවිමේ කණ්ඩායම සිය සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් එහි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වන ලදී.
01 Mar 2019
කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 28) පුත්තලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
01 Mar 2019
හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (පෙබරවාරි 28) මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ග්‍රෑම් 2.5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
28 Feb 2019
ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (පෙබරවාරි 28) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
28 Feb 2019