වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (ඔක්තෝබර් 22) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

23 Oct 2018

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹේ
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

23 Oct 2018

ගාලු කථිකාව 09 වන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි
 

ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව වන වසරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඊයේ (ඔක්තෝබර් 22) කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.

23 Oct 2018

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් 20 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “උස්මාන් හරුන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (ඔක්තෝබර් 22) දිවයිනෙන් පිටත් විය.

23 Oct 2018

කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) උතුරු මුහුදේදී අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 22) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

23 Oct 2018

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
 

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී උස්මාන් හරුන්” නෞකාව ඊයේ (ඔක්තෝබර් 20) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය.

21 Oct 2018

නාවික හමුදා විරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ රැසක්
 

ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට සත්විරු අභිමන් රණවිරු සුභසාධන ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 18 වන දින කොළඹ, නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

20 Oct 2018

නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසර හොකී පිටියේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය 2018 ඔක්තෝබර් මස 17 වන දින සිට 19 වන දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

20 Oct 2018

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 22 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ වෙයි
 

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වන වරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලූ කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ඔක්තෝබර් මස 22 සහ 23 යන දිනයන්හිදි පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත.

18 Oct 2018

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ හදිසි ආපදා කළමනාකරණයට පෙර දැනුම්දිමේ භූගෝලිය තොරතුරු පද්ධතියක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ හදිසි අපදා කමිටු රැස්විම පසුගිය ඔක්තෝබර් මස 15 වන දින වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රධාන ශ්‍රවණාගරයේදී පැවැත්විණ.

18 Oct 2018