වැදගත් සිදුවීම්
05 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - වැලිසරදී

5 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය පසුගිය ඔක්තෝබර් 05 වන දින සිට 13 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලදී.
17 Oct 2018
‘ගාලු කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය - 2018’ මාධ්‍ය දැනුවත් කිරීම

ගාලු කථිකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (ඔක්තෝබර් 16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ පිහිටි අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
16 Oct 2018
ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

2018 වර්ෂයේ පලමු ඉඳුරාම බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ නිලධාරින් පස්දෙනෙකු (05) සහ ස්වේච්ජා අංශයට අයත් කාන්තා නිලධාරින් තිදෙනෙකු (03) ඇතුළුව නිලධාරින් නවදෙනෙකු (09) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය ඔක්තෝබර් 12 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී.
14 Oct 2018
සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සාගර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි

පසුගිය ඔක්තෝබර් 06 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ඔක්තෝබර් 08 වන දින ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වූ අතර, එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාව එම නෞකාවන් පිලිගන්නා ලදී.
14 Oct 2018
යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත නව නිවසක්

රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් බල සෙබළ, රාහුල කාරියවසම් නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී.
13 Oct 2018
පලමු මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 77 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදා පලමු මැරීන් බලඝණයේ ‘ඩි’ කණ්ඩායමට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 5 දෙනෙකු සහ නාවිකයන් 72 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේදී විසිර ගියහ.
13 Oct 2018
ඉන්දීයනු නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය ඔක්තෝබර් 11 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව ඊයේ (ඔක්තෝබර් 12) සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
13 Oct 2018
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව අද (ඔක්තෝබර් 11) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
11 Oct 2018
රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා සිය 27 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ඔක්තෝබර් 10) විශ්‍රාම යන ලදී.
10 Oct 2018
ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 18 ක් සහ ඩිංගි යාත්‍රා 13 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත.
10 Oct 2018