වැදගත් සිදුවීම්
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අද දින (2024 මැයි 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
04 May 2024
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ධූරය නාවික හමුදාවෙන් යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිගේ පදවි ප්‍රාප්ති උළෙල, 2024 අප්‍රේල් මස 26 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්‍ය අලෝක පතිරණ මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
03 May 2024
ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් ගරු Major General (R) Faheem Ul Aziz අද දින (2024 අප්‍රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
30 Apr 2024
මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් නාවිකයෙකු වෙත කෘතීම පාදයක් පිරිනමයි

මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ බලනැවි අයිඩීඑන් තිලක් කුමාර (විශ්‍රාමික) යන නාවිකයා වෙත කෘතීම පාදයක් පිරිනැමීම, 2024 අප්‍රේල් මස 30 වන දින එම නාවිකයාගේ නිවසේදී සිදුකෙරිණි.
30 Apr 2024
චීනයේ පැවති "19 වන බටහිර ශාන්තිකර කලාපීය නාවික සමුළුව" සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහභාගී වෙයි

මහජන චීන සමූහාණ්ඩුව විසින් සංවිධානය කරන ලද 19 වන බටහිර ශාන්තිකර නාවික සමුළුව (19th Western Pacific Naval Symposium), 2024 අප්‍රේල් මස 21 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර චීනයේ Shandong පළාතේ Qingdao වරාය නගරයේදී පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී විය.
29 Apr 2024
‘Navy Cup Sailing Regatta - 2024’ ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘Navy Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අප්‍රේල් මස 26 සහ 27 දෙදින ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2024 අප්‍රේල් මස 27 දින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් එම වෙරළ තීරයේදී පැවැත්විණි.
28 Apr 2024
සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ Mini CARAT–2024 නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පවත්වන ලද සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ (Mini Cooperation Afloat Readiness and Training Exercise - CARAT–24) ද්වීපාර්ශ්වික අභ්‍යාසය 2024 අප්‍රේල් මස 22 වන දින සිට 2024 අප්‍රේල් මස 26 වන දින දක්වා ත්‍රීකුණාමලය මැරීන් බලකා මූලස්ථානය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානය, නාවික තටාකාංගනය, උප්පාරු සහ කොළඹ ප්‍රදීපාගාර අවන්හල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනු අතර, එය 2024 අප්‍රේල් මස 26 වන දින සාර්ථකව නිමාවට පත්විය.
27 Apr 2024
පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කර සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවූ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) නාවික හමුදාධිපති හමුවෙයි

පැය 24 ක් ඇතුළත වැඩිමවාර ගණනක් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කල පළමු පුද්ගලයා ලෙස සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිට වූ නාවික හමුදාවේ රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද දින (2024 අප්‍රේල් 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
26 Apr 2024
නාගදීප විහාරස්ථානයේ හිටපු විහාරාධිපති හිමියන් අනුස්මරණය කිරීම සඳහා ආගමික වැඩසටහන් මාලාවක් නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති අති පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් සහ නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ හැට තුන්වන (63) ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක් 2024 අප්‍රේල් මස 23 සහ 24 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
25 Apr 2024
නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 අප්‍රේල් මස 23 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී, නාගදීප විහාරය වැඳ පුදා ගැනීමටද කටයුතු කෙරිණි.
24 Apr 2024