වැදගත් සිදුවීම්
සාර්ථක සංචාරයකින් අනතුරුව බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය සැප්තැම්බර් 12 වන දින කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 16) දින 05 ක නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
16 Sep 2018
නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමියේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

උප්පුවේලි, පාලම්පටාරු ප්‍රදේශයේ නාවික කෘෂි හා සත්ව ගොවිපල පිහිටි අභයභූමියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (සැප්තැම්බර් 15) සමත් විය.
16 Sep 2018
ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කෙරේ

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
15 Sep 2018
ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට

කොළඹ, ටොරින්ටන් හොකී ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 14) පැවති 2018 ආරක්‍ෂක සේවා හොකී තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී.
15 Sep 2018
මූලික පුහුණුව හැදෑරූ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් සහ නාවිකයන් විසිර යයි

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය සඳහා සුදුසුකම් ලැබීමේ මූලික පුහුණුව හැදෑරූ එහි 23 වන බඳවා ගැනීමට අයත් නිලධාරීන් 5 දෙනෙක් සහ නාවිකයන් 33 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ සහ විසිරි යෑමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
15 Sep 2018
“හදට හදක්” භාරකාර අරමුදලට නාවික හමුදාව සිය දායකත්වය සපයයි

හදවත් රෝගවලට ගොදුරුවී සිටින, එම සැත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින් රුපියල් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
15 Sep 2018
කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා අද (සැප්තැම්බර් 14) වැඩ භාර ගන්නා ලදී.
14 Sep 2018
ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2018 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) ඊයේ (සැප්තැම්බර් 13) සාර්ථකව නිමාවට පත්විය.
14 Sep 2018
ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට

කැළණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 12) පැවති 2018 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගන්නා ලදී.
13 Sep 2018
ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා අද (සැප්තැම්බර් 13) වැඩ භාර ගන්නා ලදී.
13 Sep 2018