වැදගත් සිදුවීම්
චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
19 Dec 2018
ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.
17 Dec 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35ක් නාවික හමුදා භාරයට පත් විය.
17 Dec 2018
අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය දෙසැම්බර් 13 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.
15 Dec 2018
රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (දෙසැම්බර් 14) විශ්‍රාම යන ලදී.
14 Dec 2018
ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල 2018 (SLT Zero One Award) හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සම්මාන හිමිකර ගනී

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ආයතන අතුරින් හොඳම තොරතුරු තාක්‍ෂණ පද්ධති තේරීම සඳහා වූ ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල (SLT Zero One Award) පසුගිය දෙසැම්බර් 11 වන දින කොළඹ, ගලදාරි හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
14 Dec 2018
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාවික හමුදාවෙන් උපහාර

2018 වසරේ 05 වන ලෝක කැරම් ශූරතා තරඟාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලිය මෙන්ම 01 වන ආසියානු වුෂු තරඟාවළියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් නාවික හමුදාවට අභිමානයක් අත්කරදීම වෙනුවෙන් සහ ඔවුන්ගේ දක්‍ෂතා අගයමින් උපහාර පිදීමක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
13 Dec 2018
ජාතික ආහාර සැණකෙළියේදී හොඳම අවන්හල ලෙස රන් සම්මානයෙන් නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල පිදුම් ලබයි

ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “ජාතික ආහාර සැණකෙළිය - 2018” පසුගිය දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්ත්හි දී පවත්වන ලදී.
13 Dec 2018
හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිත ප්‍රධානී, මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් නිකොලොවිච් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.
13 Dec 2018
68 වන නාවික හමුදා සංවත්සරය හවායි හීදී උත්කර්ෂවත් අයුරින් සමරයි

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කරන ලදී.
12 Dec 2018