වැදගත් සිදුවීම්
මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැනේ

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුගේ (02) දිවි බේරා ගැනීමට සමත් විය.
17 Jul 2018
උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 16) අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 36.1 ක් සමඟ ඉන්දීය පුද්ගලයන් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
17 Jul 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඔකඳ සිට කතරගම දක්වා සිය පාද යාත්‍රාව අරඹයි

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පසුගිය ජුලි 14 වන දින ඔකඳ සිට කුමණ ජාතික උද්‍යානය හරහා කතරගම දක්වා පාද යාත්‍රාව ආරම්භ කරන ලදී.
16 Jul 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
16 Jul 2018
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය ජුලි 14 අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
16 Jul 2018
මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
16 Jul 2018
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
16 Jul 2018
මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම පසුගිය ජුලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
16 Jul 2018
අනතුරට පත් ධීවරයින් බේරාගත් නාවික හමුදා මෙහෙයුම

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් බහුදින ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 06 දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත.
12 Jul 2018
නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවාවෙන් ලක්ෂ 16 කට අධික ආදායමක් උපයයි

ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සිය සේවාවවන් සැපයීමෙන් උපයන ලද රුපියල් මිලියන 1.69 ක (රු. 1,690,000.00) අදායම නාවික හමුදාව වෙත ප්රදානය කිරීම නාවික හමුදා මුලස්ථානයේදී අද (ජුලි 12) දින සිදු කෙරුණු අතර, ඊට අදාල ප්‍රේශණපත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට ප්රදානය කරන ලදී.
12 Jul 2018