වැදගත් සිදුවීම්
ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 36 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (ජුලි 02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
02 Jul 2018
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.
02 Jul 2018
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද (ජුලි 02) විශ්‍රාම යන ලදී.
02 Jul 2018
රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට (ජුලි 02) දින සිට ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇති අතර, හෙට දින සිට එතුමා සිය ධූරයේ රාජකාරී අරඹනු ඇත.
01 Jul 2018
232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය පැවැත්වෙයි

232 වන ආධුනික බඳවා ගැනීමේ අන්තර් අංශ මළල ක්‍රීඩා තරඟාවලිය ඊයේ (ජුනි 30) පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශික්‍ෂා’ ආයතන ක්‍රීඩා පිටියේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
01 Jul 2018
පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් මහතා (General Zubair Mahmood Hayat) ඊයේ (ජුනි 30) දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.
01 Jul 2018
බංග්ලාදේශය හා මාලදිවයින නාවික නිලධාරීන් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ (United Nations Office on Drugs and Crime - UNODC) නිර්දේශය සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සහ මාලදිවයින නාවික හමුදා නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී.
01 Jul 2018
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ඉෂාන් පුතා 03” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ජුනි 30) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
01 Jul 2018
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 27 වන දින සිදුකෙරිණි.
30 Jun 2018
කපිතාන් චන්දිම සිල්වා මහතා ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සුරනිමිල’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) චන්දිම සිල්වා මහතා අද (ජුනි 29) දින වැඩ භාර ගන්නා ලදී.
29 Jun 2018