වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (මාර්තු 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

06 Mar 2018

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

05 Mar 2018

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සර දිනය පසුගිය මාර්තු මස 01 වන වන දිනට යෙදී තිබූණි.

05 Mar 2018

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මාර්තු 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

05 Mar 2018

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය
 

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය පසුගිය මාර්තු 03 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

05 Mar 2018

නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සොයා ගැනේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 03) මීගමුව සහ නවච්චෝලේ යන ප්‍රදේශයන්හිදී සිදු කළ සෝදිසි කිරීම්වලදි දළ වශයෙන් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

04 Mar 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2018 අද (මාර්තු 03) දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී.

03 Mar 2018

නාවික හමුදාව අනතුරට පත් ධිවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි
 

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වික්ටෝරියා 4” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අනතුරකට ලක්විම හේතුවෙන් ඊයේ (මාර්තු 02) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

03 Mar 2018

ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - MILAN 2018 සඳහා ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් අන්දමන් දුපත් බලා පිටත්වෙයි
 

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (‍මාර්තු 02) ත්‍රිකුණාමල වරායෙන් අන්දමන් දුපත් බලා පිටත් විය.

02 Mar 2018

“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහකයා නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

28 Feb 2018