වැදගත් සිදුවීම්
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2018 සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2018 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
18 Feb 2018
ශ්‍රී ලංකා සහ ඉරාන නාවික හමුදා කණ්ඩායම් අතර සුහද පාපන්දු තරඟයක්

සුහද සංචාරයක් සඳහා ඊයේ (පෙබරවාරි 16) කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ නෞකාවන්හි පාපන්දු කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා පාපන්දු කණ්ඩායම එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහද පාපන්දු තරඟයක් පවත්වන ලදී.
17 Feb 2018
ගාල්ල කොටුව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව තුල කැලිකසල එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් එම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 17) ක්‍රියාත්මක කරන ලදි.
17 Feb 2018
ඩයලොග් කිලිෆඩ් කුසලාන රග්බි තරඟාවලියේදී නාවික හමුදාවට ජයක්

ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (පෙබරවාරි 16) රේස්කෝස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 - 28 ක් වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
17 Feb 2018
නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි 14 සහ 15 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය.
16 Feb 2018
මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ ඕස්ට්‍රේලියානු තානාපති, ආචාර්ය ජෙෆ්රි ශෝ මහතා අද (පෙබරවාරි 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා හමුවිය.
14 Feb 2018
59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
12 Feb 2018
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 3 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි 08 වන දින වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නීති විරෝධී ලෙස කැස්බෑ මස් කිලෝග්‍රෑම් 13 ක් ලඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
12 Feb 2018
ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකුට පොලී රහිත ණය මුදල් පිරිනැමේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය පෙබරවාරි 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
12 Feb 2018
ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනා අතරින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (පෙබරවාරි 10) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
10 Feb 2018