වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 382 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 253 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් තුන්සිය තිස්හත් දෙනෙකු (337) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) ඇතුළු ආධුනික නාවිකයින් තුන්සිය අසූ දෙදෙනෙකු (382) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 මාර්තු මස 07 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.
08 Mar 2024
ශ්‍රී ලංකාවේ ජපාන, ස්වීට්සර්ලන්ත සහ දකුණු අප්‍රිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු. MizukoshiHideaki මහතා, ස්විට්සර්ලන්ත තානාපතිනී ගරු. Dr. Siri Walt මහත්මිය සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් ගරු Sandile Edwin Schalk මහතා යන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් නිල හමුවක් සඳහා අද දින (2024 මාර්තු 07) ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා හමු විය.
07 Mar 2024
මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Major General Zhang Baoqun ගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
07 Mar 2024
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන Colonel Adam W. Hilburgh ගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් සංග්‍රාමික විද්‍යාලයේ දූත පිරිසක් අද දින (2024 මාර්තු 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
06 Mar 2024
දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම - 2024 කොළඹ දී

යූරෝපා සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන, දෙවන ඉන්දු ශාන්තිකර කළාපීය තොරතුරු හුවමාරු කිරීමේ මෙහෙයුම් කමිටු රැස්වීම [Second Indo Pacific Regional Information Sharing (IORIS) Steering Committee Meeting (SCM) ] – 2024, අද දින (2024 මාර්තු 05) කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
05 Mar 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරිගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” ගරු ජනාධිපති තුමා වෙත පිළිගැන්වේ

2048 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැක්මට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සම්පාදිත “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond” නමැති ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එහි සම්පාදක මණ්ඩලයේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිළිගැන්වීම, 2024 මාර්තු මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික මැදුරේදී සිදු කෙරිණි
05 Mar 2024
ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024 (TRINEX - 24) ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2024’ (Trincomalee Naval Exercise - TRINEX 24) හි සමාරම්භය අද දින (2024 මාර්තු 04) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර, මෙම අභ්‍යාසය 2024 මාර්තු මස 09 වන දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
04 Mar 2024
රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, අද දින (2024 මාර්තු 03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
03 Mar 2024
යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2024 මාර්තු මස 01 සහ 02 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
02 Mar 2024
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය ජනාධිපති වර්ණයෙන් පිදුම් ලබයි

මානුෂීය මෙහෙයුම විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුකල සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපවත්වා සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සිදුකරනු ලබන අඛණ්ඩ දායකත්වය ඇගයීම වෙනුවෙන්, විශේෂ යාත්‍රා බලඝණය වෙත ජනාධිපති වර්ණ පිරිනැමීම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අද දින (2024 මාර්තු 01) ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඉතාමත් අභිමානවත්ව සිදුකෙරිණි.
01 Mar 2024