වැදගත් සිදුවීම්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 14) මුල්ලිකුලම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
15 Dec 2017
ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඊයේ (දෙසැම්බර් 14) සිදු කෙරිණි.
15 Dec 2017
Table Top අභ්‍යාසය 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

නාවික දියත් විධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය අඛණ්ඩව 2 වන වරටත් පසුගිය දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විණි.
14 Dec 2017
ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා අද (දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
14 Dec 2017
ශ්‍රීලංනානෞ කංචදේව ආයතනයේ අභිනව සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය විවෘත කෙරේ

උතුරු නාවික විධානයේ කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති, අභිනවයෙන් ඉදි කරන ලද සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය පසුගිය දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.
14 Dec 2017
නාවික හමුදාව ඉරාන යුද නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු කඩිනමි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 14) අළුයම කටයුතු කරන ලදී.
14 Dec 2017
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්‍රදානෝත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 11 වන උපාධි ප්‍රදානෝත්සවය අද (දෙසැම්බර් 13) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
13 Dec 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 12) සමත් විය.
13 Dec 2017
ශ්‍රීලංනානෞ ජයසාගර දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රීලංනානෞ ජයසාගර නෞකා දිනය පසුගිය දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබූණි.
12 Dec 2017
නීති විරෝධී ලෙස අකුණු සන්නායක තහඩු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ කඩවත පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (දෙසැම්බර් 11) සිදු කළ වැටලීමකදී පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් සහ අඩි 60 ක පමණ දිගකින් යුත් තඹ පටියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
12 Dec 2017