වැදගත් සිදුවීම්

කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (2017 දෙසැම්බර් 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

05 Dec 2017

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 04) තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

04 Dec 2017

ජාත්‍යාන්තර මුහුදු නීතිය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක්
 

නීති විරෝධි මසුන් ඇල්ලීම, සංක්‍රමණිකයන්, මුහුදු නීතිය හා ඒ අාශ්‍රීත පනත් සම්බන්ධයෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විය.

04 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් හි අණදෙන නිලධාරී බටහිර නාවික විධානයේ ආඥාපතිතුමා හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (දෙසැම්බර් 03) මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සේවියර් බ්‍රිටේල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (දෙසැම්බර් 04) බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමු විය.

04 Dec 2017

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

04 Dec 2017

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (දෙසැම්බර් 02) සහ අද (දෙසැම්බර් 03) යන දිනයන්හි පැවැත්විණි.

03 Dec 2017

ප්‍රංශ නාවික නෞකා ඔවේන් කොළඹ වරායට
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඔවේන්’ නෞකාව අද (දෙසැම්බර් 03) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

03 Dec 2017

230 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 383 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 230 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 383 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (දෙසැම්බර් 02) විසිර යන ලදී.

03 Dec 2017

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා මෙහෙයුම්
 

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.

02 Dec 2017