වැදගත් සිදුවීම්
චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි නිලධාරීන් වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ මහජන චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංස්කෘතික ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි.
11 Nov 2017
සටනේදී දිවි පුද කළ රණවිරුවන් අනුස්මරණය කෙරේ

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
11 Nov 2017
චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
10 Nov 2017
චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

චීන නාවික හමුදා කාර්යය අණදෙන නිලධාරී හා ඩාලියන් නාවික විද්‍යාපීඨ අධ්‍යක්ෂක, රියර් අද්මිරාල් යැන් සෙන්ග්මින් මහතා සහ සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් යේ කයින්හා යන මහත්වරුන්, බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
10 Nov 2017
කොමදෝරු සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්යය මණ්ඩල අධ්යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කෙරේ

නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු (සිවිල් ඉංජිනේරු) සුසිල සේනාධීර මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයේ අධ්යක්ෂ ඉංජිනේරු තනතුරට පත් කර ඇත.
10 Nov 2017
අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 08 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.
10 Nov 2017
චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
10 Nov 2017
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක, කපිතාන් ෆ්රෑන්ක් ලින්කෝස් මහතා අද (නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
09 Nov 2017
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (නොවැම්බර් 08) පත් වූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද නාවික හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරී අරඹන ලදී.
09 Nov 2017
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මැතිනිය ඊයේ (නොවැම්බර් 08) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී.
09 Nov 2017