වැදගත් සිදුවීම්
පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව අද (නොවැම්බර් 05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
05 Nov 2017
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 05) අළුයම වෙත්තලකේනි ප්‍රදේශයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.
05 Nov 2017
බංග්ලාදේශ ආරක්ෂක උපදේශකතුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එස්එම් හකීම් මහතා අද (නොවැම්බර් 04) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය.
04 Nov 2017
ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික පුද්ගලයින් වෙනුවෙන් විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික සහ වෙරළාරක්ෂක බලකා නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය හා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අද (නොවැම්බර් 04) කොළඹ වරාය පරිශ්‍රයේදී විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක් සංවිධානය කොට තිබිණි.
04 Nov 2017
නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 3033 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 03) රාත්‍රී මන්නාරම, ඔලුතුඩුවායි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Nov 2017
රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 03) කටයුතු කරන ලදී.
04 Nov 2017
නායක නාවික සෙබළ ජේඒඩී නන්දන නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ නායක නාවික සෙබළ ජේඒඩී නන්දන වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.
03 Nov 2017
ඉන්දියානු නාවික හා වෙරළාරක්ෂක නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයිි

සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 02) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
02 Nov 2017
ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් අද (නොවැම්බර් 02) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු කටයුතු සිදු කිරීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
02 Nov 2017
ඉන්දුනීසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 02) කොළඹ වරායෙන් පිටත් විය.
02 Nov 2017