වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 02) අළුයම ඩෙල්ෆ්ට් දූපතට උතුරු සහ බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

02 Nov 2017

අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

01 Nov 2017

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

01 Nov 2017

බත්තරමුල්ල ගේට්වේ ජාත්‍යන්තර පාසලට නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක්
 

බත්තරමුල්ල, ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපනය හදාරනු ලබන සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නාවික හමුදාව විසින් අරම්භ කරන ලද බෝට්ටු සේවාව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 01) ආරම්භ කෙරිණ.

01 Nov 2017

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ රන් පදක්කම තුෂාරි අබේරත්න විසින් දිනා ගනී
 

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ මිටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නාවික හමුදාවේ සේවය කරන බල කාන්තා නැවි තුෂාරි අබේරත්න සමත් වී ඇත.

01 Nov 2017

වේලනි මධ්‍ය මහා විද්‍යාලයට පැසිපන්දු පිටියක්...
 

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සේවාවන්හි තවත් එක් සේවාවක් ලෙස යාපනය, වේලනි මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකර දීම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

01 Nov 2017

නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

31 Oct 2017

අභිනව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

31 Oct 2017

ඇ‍මෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා 06 කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය ඔක්තෝබර් 28 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඇ‍මෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් අද (ඔක්තෝබර් 31) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

31 Oct 2017

ඇමෙරිකානු නාවික හමුදා II ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායම් ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමෙරිකානු නාවික හමුදා II වන ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායමේ ආඥාපති, රියර් අද්මිරාල් ග්රෙගරි හැරිස් මහතා ඇතුළු පිරිස ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

31 Oct 2017