වැදගත් සිදුවීම්
ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් යසන්ත ද සිල්වා අද (ඔක්තෝම්බර් 23) වැඩ භාර ගන්නා ලදී.
23 Oct 2017
සීජී 60 නෞකාව වෙරළාරක්ෂක නෞකා සුරක්ෂා නමින් අධිකාරියට පත් කෙරේ

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් සීජී 60 නෞකාව අද (ඔක්තෝබර් 21) රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, රුවන් විජයවර්ධන මැතිතුමා අතින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා “සුරක්ෂා” නමින් අධිකාරියට පත් කෙරිණි.
21 Oct 2017
ඉන්දීය නාවිකයින් හත් දෙනෙකුගේ දිවි බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය

ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දියාවට අයත් මධ්‍යම ප්‍රමාණයේ නෞකාවක් (Merchant Sailing Vessel) ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදු ප්‍රදේශයේදී ඇති වූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් සම්පූර්ණයෙන් මුහුදුබත් වී ඇත.
21 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 20) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය.
20 Oct 2017
ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 6 ක් ආපසු භාර දෙයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් නාවික හමුදා අත්අඩංගුවට පත් තවත් ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා 6 ක්, අළුත් වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාවට භාර දීම අද (ඔක්තෝබර් 20) සිදු කෙරිණි.
20 Oct 2017
ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු නාවික හමුදාව අතර සුහද අත්පන්දු තරඟාවලියක් වැලිසර දී

සුහද සංචාරයක් සඳහා ඊයේ (ඔක්තෝබර් 19) කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ නෞකාවේ කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අත්පන්දු ක්‍රීඩා කණ්ඩායම අතර සුහද තරඟයක් පවත්වන ලදී.
20 Oct 2017
නාවික හමුදාධිපතිතුමන් CINEC ජාත්‍යන්තර පාසලේ සැපයුම් හා සේවා දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙයි

කොළඹ ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු පාසල (CINEC Campus) මගින් සංවිධානය කරන ලද සැපයුම් හා සේවා දින (Logistics day 2017) උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (ඔක්තෝබර් 19) සහභාගී විය.
19 Oct 2017
ඉන්දුනීසියානු නාවික නෞකා ක්‍රී බන්ග් ටෝමෝ කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ක්‍රී බන්ග් ටෝමෝ නෞකාව අද (ඔක්තෝබර් 19) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
19 Oct 2017
‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යටතේ නාවිකයන් උතුරු සහ නැගෙනහිර මුහුදේ කොරල්පර නැවත වගා කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යංශයේ ‘හරිත රටක් පිරිසිදු පරිසරයක්’ යන දැක්ම පෙරදැරිව, ශ්‍රී ලංකා වන ජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරයේ පූර්ණ මෙහෙයවීම යටතේ උතුර සහ නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය කොරල් කෝව් සහ යාපනය චාට් වෙරළ තීරයේදී කොරල්පර නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
17 Oct 2017
දක්ෂිණ නාවික පෙරපාසලේ දීපවාලී උත්සවයක් පැවැත්වෙයි

හෙට (ඔක්තෝබර් 18) දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවයට සමගාමීව ගාල්ල දක්ෂිණ නාවික පෙර පාසලේ දරු දැරියන් විසින් අද දින අලංකාරවත් දීපවාලී උත්සවයක් සංවිධානය කර තිබිණි.
17 Oct 2017