වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 පෙබරවාරි මස 03 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 පෙබරවාරි 05) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
05 Feb 2024
අභිමානවත් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් නාවික හමුදාව ජාතිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාර 25 ක් පිරිනමයි

“හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවති 76 වැනි අභිමානවත් නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන සාම්ප්‍රදායික වෙඩිමුර උත්තමාචාරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේදී, අද දින (2024 පෙබරවාරි 04) මධ්‍යහ්න 1200 පැයට එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂමණ් අමරසිංහ ගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.
04 Feb 2024
76 වැනි නිදහස් දින සැමරුම් උළෙල සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් “හදමු අලුත් රටක්” යන තේමාව පෙරදැරි කර ගනිමින් කොළඹ ගාලු මුවදොරදී අද දින (2024 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 76 වැනි නිදහස් සැමරුම් උළෙල සඳහා නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී විය.
04 Feb 2024
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
03 Feb 2024
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් වෙත නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් අනුයුක්ත කිරීම 2024 පෙබරවාරි මස 01 වන දින සහ අද දින (2024 පෙබරවාරි 02) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
02 Feb 2024
විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ ආබාධිත දරුවෙකුගේ පරිහරණය සඳහා නාවික හමුදාව මඟින් විදුලි රෝද පුටුවක් පිරිනමයි

විශ්‍රාමික කණිෂ්ඨ නාවිකයෙකුගේ, විශේෂිත රෝගී තත්වයක් හේතුවෙන් ආබාධිත තත්වයට පත්ව සිටින දරුවෙකු වෙත නාවික හමුදාව මඟින් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කිරිම, අද දින (2024 පෙබරවාරි 01) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
01 Feb 2024
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 30 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 පෙබරවාරි 01) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
01 Feb 2024
එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 28 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS SPEY’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 ජනවාරි 31) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
31 Jan 2024
රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් වශයෙන් 2024 ජනවාරි 27 වන දින නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
30 Jan 2024
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SAIF’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 30) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
30 Jan 2024