වැදගත් සිදුවීම්

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 නොවැම්බර් මස 09 වන දින සිට පත් කෙරුණු අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

09 Nov 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ අද දින (2024 නොවැම්බර් 09) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

09 Nov 2024

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ජෙනරාල් ලෙස පත් වූ රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ, නිල හමුවක් සඳහා පසුගියදා (2024 නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

09 Nov 2024

නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ 2024 නොවැම්බර් මස 05 වන දින පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රෝහිත අබේසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කර සිය සුභපැතුම් පිරිනැමීම සිදුකෙරිණි.

08 Nov 2024

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ලෙස වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු වශයෙන් අද දින (2024 නොවැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු කාර්යාලයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

08 Nov 2024

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

07 Nov 2024

‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානය නාවික හමුදා මූලස්ථානයේදී

ජාතික ආරක්‍ෂක අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ‘විරුසිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව සංකේතාත්මකව ප්‍රදානය කිරීම අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරණ ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

07 Nov 2024

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාවන් අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම, 2024 නොවැම්බර් 06 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවේදී සාර්ථකව නිමාවට පත්විය.

06 Nov 2024

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo - MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre - IFC) කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

06 Nov 2024

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ප්‍රියාල් විතානගේ අද දින (2024 නොවැම්බර් 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

05 Nov 2024