වැදගත් සිදුවීම්

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීම 2023 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2024 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2024 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2024

73 වන නාවික හමුදා සංවත්සර දින නිලධාරී සුහද හමුව වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නිලධාරීන්ගේ සුහද හමුව 2023 දෙසැම්බර් මස 30 වන දින වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික) හා එම මැතිණිය, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ ඇතුළු හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

31 Dec 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

30 Dec 2023

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 29 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවය, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 දෙසැම්බර් 29) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

29 Dec 2023

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා අද දින (2023 දෙසැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී, සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

29 Dec 2023

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, ඒ යටතේ සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි 2023 ‍දෙසැම්බර් මස 01 වන දින සිට 28 වන දින දක්වා ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක් සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙ‍රිණි.

29 Dec 2023

නාවික සඟරාවෙහි දො‍ළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) දො‍ළොස්වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් ප්‍රසාද් ජයසිංහ විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම 2023 දෙසැම්බර් මස 27 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

28 Dec 2023

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයේ (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග දිනාගනියි

ඉන්දියානු සාගර නාවික සම්මන්ත්‍රණයෙහි (IONS) රචනා තරඟය 2022 හි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමාණ්ඩර් අමිල ප්‍රසංග විසින් දිනාගැනීමට සමත්විය.

28 Dec 2023

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය Wave “N” Lake උත්සව ශාලාවේදී උත්කර්ශවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ එක්ව සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2023, “Silent Christmas, Silent Navy” යන තේමාව පෙරදැරිව 2023 දෙසැම්බර් මස 22 වන දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave “N” Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Dec 2023