වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව හලාවත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පිරිසක්, මාරවිල පොලිසීයේ සහය ඇතිව (ජූනි 2) කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු මීගමුව තොඩුවාව පාලම අසල දී අත්අඩංගුවට ගන්නා ලදී.
04 Jun 2017
නාවික හමුදාවට ගුරුවරයෙක් (TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ

ආචාර්ය අජිත් සීඑස් පෙරේරා මහතා විසින් සම්පාදනය කළ ‘නාවික හමුදාවට ගුරුවරයෙක්’(TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ, උත්සවය ඊයේ (ජුනි 02) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
03 Jun 2017
චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය මැයි 31 දින ශ්‍රී ලංකාවට සේන්දුවූ චීන නාවික හමුදාවට අයත් ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් අද (ජුනි 3) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලද අතර එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත උත්තමාචාරය පුදකරන ලදී.
03 Jun 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
03 Jun 2017
කැලණිය ප්‍රදේශයේ ඇල මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

කැලණිය ප්‍රදේශයේ අපවිත්‍ර වී තිබූ ඇල මාර්ග කීපයක් පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව යොදවා ඇත.
03 Jun 2017
නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්වල

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් සිටී.
02 Jun 2017
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රසික දිසානායක මහතාගේ සුරතින් අද (ජූනි 2) කුරුණෑගල, වැල්ලව ගම්මානයේදී ජනතා අයිතියට පත් කෙරුණි.
02 Jun 2017
සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.
02 Jun 2017
සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී දී ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
02 Jun 2017
පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.
02 Jun 2017