වැදගත් සිදුවීම්

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී.

01 Jun 2017

රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

01 Jun 2017

ඕස්ට්‍රේලියානු සහනාධාර නාවික හමුදාව‍ට භාර කෙරේ
 

ශ්‍රී ලංකාවට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මගින් පරිත්‍යාග කරන ලද ආපදා සහන යාත්‍රා සහ අනෙකුත් උපකරණ නාවික හමුදාවට භාර දීම අද (1) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරුණි.

01 Jun 2017

චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් අද (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.

31 May 2017

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (31) දින, මෙරටට පැමිණි චීන සමූහාන්ඩුවට අයත් නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

31 May 2017

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කඩිනම් පරිත්‍යාග
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (31) කඩිනම් පරිත්‍යාගයන් කීපයක් සිදු කෙරිණි.

31 May 2017

තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට
 

ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට අද (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ.

31 May 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් අධියරක් අද (31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

31 May 2017

අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාව වෙනුවෙන් නාවික හමුදා මානුෂීය මෙහෙවර තවදුරටත්
 

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සළසමින් සිටී.

31 May 2017

නාවික හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
 

ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් අද (30) මාතර, පිටබැද්දර ප්‍රදේශයේ ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ දී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

30 May 2017