වැදගත් සිදුවීම්

රෝගාබාධයකින් මියගිය ගබඩා සහකාර එම්කේ කහවිටගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ගබඩා සහකාර එම්කේ කහවිට යන නාවිකයා කාලයක් තිස්සේ පැවති පිළිකා රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.

30 May 2017

සහනාධාර රැගත් පාකිස්තානු නාවික නෞකා සුල්ෆිකර් කොළඹ වරායට
 

අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30) සවස කොළඹ වරාය‍ට සේන්දු විය.

30 May 2017

සහනාධාර රැගත් තුන්වන ඉන්දියානු නෞකාව කොළඹ වරායට
 

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහයපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වී සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලෂ්වා නෞකාව අද (30) කොළඹ වරායට සේන්දු විය.

30 May 2017

අවහිර වූ සහ හානි වූ පාලම් 2 ක් පිළිසකර කිරීමේ නාවික හමුදා මෙහෙයුම්
 

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක පාලම් 2 කට හානි සිදු වී තිබූ අතර, ඒවා පිළිසකර කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික භට පිරිස් යොදවා ඇත.

30 May 2017

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ නාවික මෙහෙයුම් තවදුර‍ටත්
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

29 May 2017

ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් විසින් බුලත්සිංහල වෛද්‍ය සායනයක් පවත්වයි.
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී.

29 May 2017

පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
 

නාවික හමුදාව මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් වල නිරත වෙමින් සිටී.

29 May 2017

විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් තවත් නෞකාවක් කොළඹට
 

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් ආපදාවට ලක් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ශර්දුල් නෞකාව අද (28) දහවල් කොළඹ වරායට සේන්දු විය.

28 May 2017

ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ උතුරුනාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) පුන්ගුඩුතිව් ප්‍රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.

28 May 2017

ප්‍රථම වරට නිෂ්පාදනය කළ කුඩා ජල පිරිපහදු යන්ත්‍රය නාවික රණවිරු පවුලක් වෙත පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රථම වතාවට නිෂ්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගිය 25 වන දින නාවික රණවිරු පවුලක් වෙත ප්‍රදානය කරන ලදී.

28 May 2017