වැදගත් සිදුවීම්
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2023 දෙසැම්බර් මස 21 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2023 දෙසැම්බර් 23) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
23 Dec 2023
නාවික හමුදාව මඟින් වලස්මුල්ල මූලික රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් පිරිනමයි

නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කරන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැතිකරණ යන්ත්‍රයක්, වලස්මුල්ල මූලික රෝහල වෙත පිරිනැමීම, 2023 දෙසැම්බර් මස 22 වන දින දකුණු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
23 Dec 2023
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO- 365’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
21 Dec 2023
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් සහ නාවික හමුදාධිපති අතර සමුගැනීමේ නිල හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු Major General (R) Umar Farooq Burki මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර, නාවික හමුදා මූලස්ථානයේදී අද දින (2023 දෙසැම්බර් 21) සමුගැනීමේ නිල හමුවක් සිදු කෙරිණි.
21 Dec 2023
73 වන නාවික හමුදා සංවත්සර දිනය වෙනුවෙන් නාවිකයන්ගේ සුහද හමුව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නාවිකයන්ගේ සුහද හමුව අද දින (2023 දෙසැම්බර් 20) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
21 Dec 2023
පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ලෙස පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයන් හට පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්, හඳුන්වා දුන් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MASTER CHIEF PETTY OFFICER OF NAVY - MCPON) තනතුර සඳහා පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර යන ජ්‍යේෂ්ඨ නාවිකයා අද දින (2023 දෙසැම්බර් 19) පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නව තනතුරට අදාල අත් පළඳනාව සහ යෂ්ඨිය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි ඩබ්එම්ජීඒ කුමාර වෙත පිරිනැමීම, නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
20 Dec 2023
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ලෙස වැඩ භාර ගන්නා ලද Commodore M Moniruzzaman අද දින (2023 දෙසැම්බර් 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.
19 Dec 2023
නාවික හමුදා නිලධාරීන් 26 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 17 වන මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරයි

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල දහහත් වන (17) පාඨමාලාවට අයත් නිලධාරීන් වෙත සහතික හා කුසලාන ප්‍රදාණය කිරීම ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී 2023 දෙසැම්බර් මස 14 වන දින පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
15 Dec 2023
සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන Captain Ian Cain සහ නව ආරක්‍ෂක උපදේශක වශයෙන් පත්වීමට නියමිත Colonel Amanda Johnston සමුගැනීමේ හා හඳුන්වාදීමේ නිල හමුවක් සඳහා අද දින (2023 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
15 Dec 2023
ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වැලිසර නාවික සංකීර්ණයේ දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ( Sri Lanka National Hydrographic Office) විවෘත කිරීම ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න( විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී කොමදෝරු කෝසල වර්ණකුලසූරියගේ සහභාගීත්වයෙන් අද දින (2023 දෙසැම්බර් 14 වන දින) වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි.
14 Dec 2023